ජපානයේ රෝහලක් තුළ වෙඩි තැබීමක්

ජපානයේ රෝහලක් තුළ වෙඩි තැබීමක්

ජපානයේ රෝහලක් තුළ වෙඩිතැබීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍යම ජපානයේ ටෝඩා නම් නගරයේ රෝහලක එම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ..

තුවාල ලබා ඇති පුද්ගලයන්ගෙන් එක් අයෙක් 40 හැවිරිදි වෛද්‍යවරයෙකු බවත් අනෙක් පුද්ගලයා 60 හැවිරිදි රෝගියෙකු බවත් සඳහන්.

වෙඩි තැබූ පුද්ගලයාගේ වයස අවුරුදු 40 හෝ 50 පමණ විය හැකි බව නගර බලධාරීන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This