බොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, සෞදි අරාබිය විසින් මෙම මාසයේ දී දිනකට බැරල් මිලියනයක කප්පාදුවක් කිරීමට එකඟ වී ඇති බවයි, වාර්තා වන්නේ.

මෙම තීරණයත් සමඟ ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල 1.95%කින් වැඩිවී ඩොලර් 73යි ශත 9ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.88%කින් ඉහළ ගොස් ඩොලර් 77යි ශත 58ක් ලෙස සටහන් විය.

 

Share This