තවත් හඳුනානොගත් භාණ්ඩයක් යාපනයේ වෙරළ තීරයට

තවත් හඳුනානොගත් භාණ්ඩයක් යාපනයේ වෙරළ තීරයට

යාපනයේ වඩමාරච්චි උඩුතුරෙයි මුහුදු වෙරළ තීරයට තුන් වෙනි වරටත් හඳුනානොගත් භාණ්ඩයක් ගොඩ ගසා තිබේ.

මෙවර ගොඩ ගසා තිබූ වස්තුව ධීවරයින් විසින් මුලින්ම දැක තිබේ. එය බෝම්බයක හැඩයක් ගෙන තිබීම නිසා බියට පත් ධීවරයින් වහාම ඒ පිළිබදව ධීවර පරීක්ෂක නිලධාරීන්ට හා නාවික හමුදාවට දැණුම් දී තිබේ.

මෙවර ගොඩ ගැසූ උපකරණයේ Asia 2 යනුවෙන් සදහන් වැකියක් දක්නට ලැබෙන නිසා එය යම් නැවකින් මුහුදට වැටුණු යමක් වියහැකි යැයි ධීවර පරීක්ෂක නිලධාරීන් විශ්වාස කරයි.

මීට ප්‍රථමයෙන් මෙම මුහුදු තීරයටම කොඩි එල්ලන ලද තෙප්පමක් වැනි යාත්‍රාවක් ගොඩ ගැසූවේය.

දෙවනි වරට යකඩයෙන් තනන ලද හදුනා ගැනීමට නොහැකි වූ වස්තුවක් ගොඩ ගසා තිබුණි.

මේ අවස්ථා තුනේදීම එවැනි වස්තු යාපනයේ උඩුවතුරෙයි මුහුදු වෙරලටම ගොඩ ගැසීමට යම් හේතුවක් තිබිය හැකි බව පවසන යාපනය විශ්ව විද්‍යාලයේ සමුද්‍රීය විද්‍යා අංශයේ ආචාර්යවරු ප්‍රකාශ කොට ඇත්තේ මේ ගැන අවධානයකින් සිටිය යුතු බවය.