විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් අද

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් අද

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත් වීමට නියමිතයි.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී අද පස්වරු 03 ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

එහිදී විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටළු සහ බදු ප්‍රතිපත්තියත් සමඟ ඉදිරියේදී වෘත්තිකයින්ට ඇතිවිය හැකි ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවද ඔහු කියා සිටියා.

එම සාකච්ඡාවේදී එළඹෙන තීරණ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාවේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ.

උසස් පෙළ පිළිතුරුපත් පරීක්ෂා කිරීමේ රාජකාරි සඳහා මේ වන විටත් විශ්වවිද්‍යාල අචාර්යවරුන් එක්ව සිටිනවා.

එවන් පසුබිමක සති කිහිපයක් ඇතුලත ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි සිය සංගමය ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Share This