web hit counter
සීදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

සීදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

සීදූව පොලිස් වසමේ රාජපක්ෂපුර ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, රාජපක්ෂපුර ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්.

මරණකරු සහ සැකකරු යන දෙදෙනා අතර පැවැති ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් පිස්තෝල අවියකින් වෙඩිතබා මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනයට සම්බන්ධ සැකකරු විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු වන අතර සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )