CID යට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

CID යට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

ඔහු මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්ව සිටි සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) එහි අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරු කිරීමෙන් අනතුරුවයි.

ගණේමුල්ල සංජීව ඇතුළු සංවිධාන අපරාධකරුවන් රැසක් සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිස් නිලධාරියෙක් ලෙස රොහාන් ප්‍රේමරත්න මහතා කටයුතු කර තිබේ.