දවසේ ලග්න පලාපල – 2023 ඔක්තෝබර් මස 30 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 ඔක්තෝබර් මස 30 වන සඳුදා

රාහු කාලය
7:26 am – 8:55 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

තරමක් ක්‍රියාකාරකම් බහුල දිනකි. ව්‍යාපාරවල පැවැති බාධා ඉවත් කර ගැනීමේ ශක්තිය ඇතිවේ. ගමන් බිමන් ද තරමක් යෙදෙන අතර නිෂ්ඵල වියදම් දැරීමට සිදුවන දිනකි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. පාද ආබාධ වේදනා මතුවේ.

Date: 2023-10-30

ජය අංකය: 01
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

අවිවේකී බවක් ඇති කරයි. අන් අයගේ අවශ්‍යතා මත ද ක්‍රියා කිරීමට සිදු වේ. කාර්ය බහුල දිනකි. නව නිර්මාණ ඇරඹීමට හොඳයි. ඇසුරු කරන්නන්ගේ අවශ්‍යතා මත ද ක්‍රියාකරන හදිසි ලාභ ලබන දිනකි. සෙම් බහුල රෝග මතුවේ.

Date: 2023-10-30

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

රාජකාරිවලදී අවිවේකී වෙයි. ගමන් බිමන් ද බහුල වෙයි. තම අවශ්‍යතා අතහැර ක්‍රියා කරයි. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. තම ක්‍රියාවන් ගැන විවේචනයට ලක්වීමට ඉඩ ඇත. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතුකරයි.

Date: 2023-10-30

ජය අංකය: 06
ශුභ වර්ණය: දම්
Qries

කටක

ගමන් බිමන් නිසාම අවිවේකී වෙයි. කාලය කලමනාකරණය කළ යුතු අතර තම අරමුණු වලට බාධා ගෙනදෙයි. තම ළඟම ඥාතීන්ගේ අවශ්‍යතා මත ද ක්‍රියා කිරීමට සිදුවෙයි. රාජකාරි ස්ථානවල ද ක්‍රියා බහුල වන අතර සිරසගත රෝග ද මතුකරන දිනකි.

Date: 2023-10-30

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ක්‍රියාකාරකම් බහුල දිනකි. දාන මානාදී පුණ්‍යකර්මවල යෙදේ. ප්‍රීති සාදවලට ද සහභාගි වීමට සිදුවේ. විනෝදජනක ක්‍රියාවල ද යෙදේ. හදිසි ධනලාභ ලැබීම්වලට හේතුයි. සෙම්කෝප රෝග සෑදේ.

Date: 2023-10-30

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ගමන් බිමන් බහුල වෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දුර ගමන්, වන්දනා ගමන් වැනි දේවලට ද හේතුයි. අමතර ලාභ ලබයි. සන්ධි ප්‍රදාහ රෝග සාදයි.

Date: 2023-10-30

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදෙන දිනකි. තම යහපත් අරමුණු ජය ගනී. නව සබඳතා ගොඩනැඟේ. දාන සීලාදී ගුණධර්මවල යෙදේ. ඥාතීන් අතර ප්‍රධාන වෙයි. මූල රෝග, අම්ල පිත්ත රෝග මතුකරයි.

Date: 2023-10-30

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දාන සීලාදි ක්‍රියාවන්වල යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියා යෙදේ. ප්‍රීති උත්සව වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අභ්‍යන්තර ඉන්ද්‍රිය ආශ්‍රිත රෝග මතුවේ.

Date: 2023-10-30

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභඵල ගෙනදෙයි. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ව්‍යාපාරවල දියුණුවට හේතුයි. මනසෙහි පැවැති චංචලභාවය ඉවත්වෙයි. තම ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් නැවත සමීප වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. සෞඛ්‍ය පිළිබඳව ගැටලු තත්ත්ව උදාකරයි.

Date: 2023-10-30

ජය අංකය: 03
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. තරමක් මිල මුදල් සම්බන්ධව වාසි සැලසේ. නමුත් තැන්පත් ධනය වැයවන කරුණු ද යෙදේ. දුරස්ථ වූ ප්‍රේම සබඳතා නැවත වර්ධනය වෙයි. උගතුන්, වියතුන් අසුරුට පත්වෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. හන්දි රෝග, කොන්දේ අමාරු ඇතිවෙයි.

Date: 2023-10-30

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵල ලබයි. මනසට පැවැති අවිවේකය දුරුවෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. රාජකාරි ප්‍රබෝධමත්ව ඉටුකරයි. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ආගමික වතාවත්, පුද පූජා කර්මවල යෙදේ. ආමාශගත රෝග, මුත්‍රා රෝග ආදියට හේතුයි.

Date: 2023-10-30

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභඵල සහිතයි. නව නිපැයම් අරඹයි. උගතුන්ගෙන් උදව් උපකාර ලබයි. සැහැල්ලුවෙන් ගෙවන දිනකි. රැකියාවල දියුණුවට හේතු කරුණු සැලසේ. ප්‍රේම සබඳතා වර්ධනය වේ. ලිපි ලේඛනවලින් ජය දෙයි. සෙම් ආසාදන රෝග, ස්වරාලයේ රෝගාදියට හේතුයි.

Date: 2023-10-30

ජය අංකය: 09
ශුභ වර්ණය: තද කහ
Share This