තායිවානයට භූකම්පන වැලක්

තායිවානයට භූකම්පන වැලක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම භූ කම්පනයත් සමග තවත් භූකම්පන 80 කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති අතර ඇතැම් භූකම්පන හේතුවෙන් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවීමට හේතු වූ බව එරට කාලගුණ පරිපාලනය අංශය පවසයි.

එම භූමිකම්පා ග්‍රාමීය නැගෙනහිර ප්‍රාන්තයේ හුආලියන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන සිදුව ඇත.

පසුගිය අප්‍රේල් 3 වන දින 7.2 ක කම්පනයකින් පසු අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙක් මිය ගියහ.

එතැන් සිට තායිවානය පසු කම්පන සිය ගණනක් වාර්තා වී ඇත.

Share This