අක්කර භාගයක මිරිස් වවා තැබූ වාර්තාව

අක්කර භාගයක මිරිස් වවා තැබූ වාර්තාව

අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ.

ඒ අනුව, අඩු වගා බිමකින් වැඩිම ආදායමක් ගත් මිරිස් ගොවියා ලෙස ඔහු වාර්තා අතරට එක්වෙයි. කෘෂි කර්ම අමාත්‍යාංශය මගින් හඳුන්වාදුන් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ ඔහු මෙම ආදායම ලබා ගත්තේය.

පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා මේ වනවිට රුපියල් මිලියන 10 ඉක්මවූ ආදායමක් ලබා ඇති අතර ඔහුට දැනට මිරිස් සඳහා ඇති වෙළෙද පොළ මිල ගණන් අනුව අඩුම තරමින් රුපියල් මිලියන 13කවත් ආදායමක් ඉපයීමට හැකියාව තිබෙන බවත් ලබන ජනවාරි මස 14 තෙක් ඔහුට තම මිරිස් වගාවේ අස්වනු නෙලීමට හැකියාව පවතින බවත් අමාත්‍යාංශය පවසයි.

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මිරිස් වගාවේ නව තාක්ෂණය භාවිතා කරමින් බන්දුල මහතා පුලියන්කුළම ප්‍රදේශයේ අක්කර භාගයක මිරිස් වගාව ආරම්භ කර තිබේ.

මින් පෙර මිරිස් වගාවෙන් වැඩිම අස්වැන්නක් හා ආදායමක් ලද ගොවීන් දෙදෙනෙක් තිරප්පනේ හා යාපනයෙන් වාර්තා වූ අතර ඔවුන් රුපියල් ලක්ෂ 50ක් හා 60ක් වශයෙන් ආදායම් උපයා තිබූ බව අමාත්‍යාංශය පවසයි.

Share This