දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් – ඝාතකයින් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් – ඝාතකයින් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දුා ජයසූරිය මහත්මිය අද (01) ප්‍රකාශ කළාය.

ඒ අනුව, එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයක් වාහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බවත් ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කළ නියෝගයේ සඳහන් වේ.

Share This