චැනල් 4 චෝදනා වලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රතිචාර

චැනල් 4 චෝදනා වලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රතිචාර

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශය ඕනෑම පුද්ගලයෙකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අතර ගවේෂණාත්මක මාධ්‍යවේදී කාර්යයේ වැදගත්කම තහවුරු කරන බව ප්‍රකාශ කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම Channel 4 නාලිකාව මගින් ඉදිරිපත් කරන ලද පදනම් විරහිත, ද්වේශ සහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නඟින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාකයක් සඳහා Channel 4 නිසැකවම වගකිව යුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

එසේම, 2023 සැප්තැම්බර් 5 වැනිදා බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද නවතම වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය කැප වි සිටින බවද ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

 

Share This