උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ගැන දැනුම්දීමක්

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ගැන දැනුම්දීමක්

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන මාසය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට විෂයන් 2කට අදාළ පිළිතුරු පත් ඇගයීම් අවසන් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේය.

තවත් විෂයන් 6ක පිළිතුරු පත් ඇගයීම ආරම්භ කර ඇති අතර සෙසු විෂයන්වල පිළිතුරු පත් ඇගයීම ලබන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 10කදී එම කටයුතු සිදුවනු ඇත.

මැයි 29 වැනිදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග සමයේද ඊට බලපෑමක් නොවන පරිදි උසස් පෙළ ඇගයීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

පාසල් ඉගැන්වීම් කටයුතුවලට බාධාවක් නොවන පරිදි ඒ සඳහා ගුරුවරුන් යොදා ගැනීමට පියවර ගෙන තිබේ.

පිළිතුරු පත් ඇගයීම් අතරතුර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ද අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.