ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ යානය සඳ මතට යැවීමේ මෙහෙයුම අද සවස

ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ යානය සඳ මතට යැවීමේ මෙහෙයුම අද සවස

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ‘චන්ද්‍රයාන් 3’ යානය අද (14) සවස 2.35 ට ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සඳ වෙත පිටත් කිරීමට නියමිතය.

Monara

මේ වන විට වැඩි අවධානයක් ලැබී නැති සඳේ දක්ෂිණ ධ්‍රැවය මත තම යානය ගොඩබස්සවා පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට ඔවුන් අපේක්ෂාවෙන් පසුවනවා.

චන්ද්‍රයාන්-3 යානය අගෝස්තු 23-24 දිනවල සඳ වෙත ළඟා වීමට නියමිත බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) නිලධාරීන් පැවසුවේ.

photo - .isro.gov.in

ඉන්දියාවේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහන් 2008 වසරේදී ආරම්භ වූ අතර, සඳ මත ජලය ඇත්දැයි පරීක්ෂා කිරීමට “චන්ද්‍රයාන්-1” යානය 2008 වසරේදී අභ්‍යවකාශගත කෙරුණා.

තවදුරටත් දියුණු කළ “චන්ද්‍රයාන්-2” අභ්‍යවකාශ යානය 2019 වසරේදී සඳ වෙත ගමන් කළත්, එය සඳ මතට ගොඩබැස්සවීමට පෙර විනාශ වී ගියා.

photo - .isro.gov.in

පෙර වූ අඩුපාඩු මගහරවාගෙන තම තුන්වන ගවේෂණ යානය “චන්ද්‍රයාන්-3” සඳ මතට සැලසුම් කළ පරිදි ගොඩබැස්සවීමට බලාපොරොත්තුවන බවයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී ශ්‍රීධර පනික්කර් සෝමනාත් පවසා සිටියේ.

කිලෝග්‍රෑම් 3900 ක බරින් යුතු “චන්ද්‍රයාන්-3” යානය නිෂ්පාදනයට ඩොලර් මිලියන 75 ක් වැය කර තිබෙනවා.

ඉන්දියාවේ මෙම සඳ ගමන සාර්ථක වුවහොත්, අමෙරිකා එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සිදු කළ සිව්වන රට බවට ඉන්දියාව පත් වනු ඇති.

Want to watch Chandrayaan-3 launch LIVE on July 14? Here's your chance | Mint #AskBetterQuestions

photo - .isro.gov.in

Chandrayaan 2 News: Chandrayaan 2 Enters Moon's Orbit After Heart-Stopping ISRO Move

 

 

Share This