ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල පහලට

ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල පහලට

ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල හෙට (05) දිනයේ සිට අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ, එලෙස අඩුවන මිල ගණන් සම්බන්ධයෙන් හෙට (05) දිනයේ දී පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට නියමිත පියවර ගන්න බවයි

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ එහි වාසිය පාරිභෝගිකන් වෙත ලබාදීමේ අරමුණින් මෙලෙස ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල අඩු කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.