අලුත් කඩේ උසාවි සංකීර්ණයේ ගින්නක්

අලුත් කඩේ උසාවි සංකීර්ණයේ ගින්නක්

කොළඹ, අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ, සිවිල් අභියාචනාධිකරණ සංකීර්ණයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ ගින්න හටගෙන ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ රථ තුනක් යොදවා තිබූ අතර කඩිනමින් ගින්න නිවා දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ගින්නෙන් අධිකරණයේ දේපොළවලට කිසිදු හානියක් සිදුව නැතැයි, පොලීසිය සඳහන් කළේ ය.

ගින්නට හේතුව, විදුලි කාන්දුවක් බවට සැක පල කරන බවයි, පොලිසිය ප්‍රකාශ කළේ.

Share This