ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයට අක්කර 600ක භූමිභාගයක් වෙන් කෙරේ

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයට අක්කර 600ක භූමිභාගයක් වෙන් කෙරේ

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශයට ඉහලින් අක්කර 600ක භූමිභාගයක් මේ වන විටත් වෙන් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ හරිත ආර්ථිකයකට මාරුවීම සඳහා සැලකිය යුතු පියවර ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අරලිගහ මන්දිරයේ පැවති පළවැනි ජාත්‍යන්තර දේශගුණික විපර්යාස සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

තමන් පසුගිය වසරේ දී දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ඉදිරිපත් කළ බවත් මෙම වසරේ COP 28 හිදී ශුද්ධ ශුන්‍ය විමෝචන සැලැස්ම ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Share This