නාය යාමකින් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයත් වැසෙයි

නාය යාමකින් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයත් වැසෙයි

බදුල්ල – කොළඹ මාර්ගයට බෙලිහුල් ඔය,සීලෝගම දී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය පවසයි.

අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පස් සහ ගල් පෙරලීම හේතුවෙන් මාර්ගය සම්පුරණයෙන්ම අවහිර වී ඇති බවයි.

මෙම මාර්ගයේ ගමන් ගන්නා වාහන රියැදුරන්ට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස ද පොලිසිය ඉල්ලා සිටියි.

දැනට එම මාර්ගයේ විශාල තදබදයක් පවතින බවද පොලිසිය දැනුම් දෙයි.

අද අලුයම 1.00 පමණ පැවැති වර්ෂාවත් සමග එම පස් කන්ද කඩා වැටී ඇත.

මේ අතර මහනුවර – නුවරඑළිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

පොල්ගහඅන්ග ප්‍රදේශයේදී මෙම ගස කඩා වැටී ඇති බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් ගෙලිඔය සහ වැලිගල්ල අතර ප්‍රදේශයෙන් මහනුවර – නුවරඑළිය මාර්ගය අවහිර වී ඇති බව පොලීසිය පවසයි.