වෙසක් බලන්න යන අයට විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක්

වෙසක් බලන්න යන අයට විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක්

දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

වෙසක් සතිය තුළ උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවයි , එහි සභාපති ලලිත් ද සිල්වා මහතා පැවසුවේ.

මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරු 06.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ද පෙරවරු 7.30ට බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ද දුම්රිය දෙකක් ධාවනය කෙරෙනු ඇත.

නැවත 07වැනිදා පෙරවරු 7.00 ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ද එදින දහවල් 12.30 ට අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ද එම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

 

Share This