IPL ක්‍රීඩක වෙන්දේසිය ඩුබායි යයි

IPL ක්‍රීඩක වෙන්දේසිය ඩුබායි යයි

2024 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන දෙසැම්බර් මස 19 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ නොපවත්වා එය ඩුබායි රාජ්‍යයේදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩක වෙන්දේසියක් විදෙස් රටක පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව, ලබන වසරේ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම්වල තවදුරටත් රඳවාගෙන සිටින සහ කණ්ඩායම්වලින් නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඉදිරිපත් කිරීමට නොවැම්බර් මස 15 දක්වා කල් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.