කටුනායක – කොළඹ බස් වර්ජනයක්

කටුනායක – කොළඹ බස් වර්ජනයක්

මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොටුව , ජා – ඇළ – කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් රථ අද ( 01) උදෑසන 07.00 සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී වර්ජනය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසීය.

ගම්පහ අංක – 01 කාර්යාලයේ ධාවන කළමනාකරුගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට එරෙහිව මෙම වර්ජනය අරඹා තිබේ.

මෙම නිලධාරීවරයා ස්ථිර සහ අතුරු ගමන් වාර ලබා දීමට බස් රථ හිමියන්ගෙන් සහ බස් රථ සේවකයින්ගෙන් අල්ලස් ඉල්ලීම , දිස්ත්‍රික්කය තුළ ධාවනය සදහා බස් රථ අතිරික්තයක් පවතිද්දීත් , නව බස් රථ සදහා ටෙන්ඩර් කැදවා තිබීම , ගම්පහ දිස්ත්‍රික් වේලා සටහන්කරුවන්ගෙන් සහ මාර්ග පරීක්ෂකවරුන්ගෙන් අල්ලස් ඉල්ලීම යන සිදුවීම් වලට එරෙහිව මෙම බස් රථ වර්ජනය ආරම්භ කර තිබේ .

Share This