web hit counter
බස් ගාස්තු ඉහල යන ලකුණු

බස් ගාස්තු ඉහල යන ලකුණු

බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න මහතා අද (1) පැවසීය.

ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ රුපියල් 22 ක බලපෑමක් ඇතිව තිබෙන බවත් සියයට 10 කින් ගාස්තු ඉහළ දැමුවහොත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බවත් ඒ මහතා කීය.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )