ගෑස් මිල සංශෝධනය අද

ගෑස් මිල සංශෝධනය අද

මෙරට නව ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීම අද (04) දිනයේ සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික්ටොන් 1ක මිල ඩොලර් 85කින් ඉහළ ගොස් ඇති බවය.

එම තත්ත්වයන් සලකා බලා ගෑස් මිල සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒ, අනුව බොහෝ දුරට අද (04) දිනයේ සිදුකිරීමට නියමිත ගෑස් මිල සංශෝධනයේ දී ගෑස් මිල ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.