විදුලි ගාස්තු පිළිබඳ මහජන අදහස් විමසීම ඇරඹේ

විදුලි ගාස්තු පිළිබඳ මහජන අදහස් විමසීම ඇරඹේ

යෝජිත විදුලි ගාස්තු පිළිබඳ අදහස් විමසීම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අද පෙරවරුවේ සිට පස්වරුව දක්වා මෙම අදහස් විමසීම සිදුකෙරෙනවා..

එහිදී යෝජිත විදුලි ගාස්තු පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට විවිධ පාර්ශ්වවල නියෝජිතයින් පැමිණීමට නියමිතයි.

අද පෙරවරුවේ මුලින්ම අදහස් පළ කළේ..නරේන්ද්‍ර ද සිල්වා.(විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍ය අධිකාරි)

නිහාල් ප්‍රනාන්දු.. (මූල්‍ය කළමනාකරු විදුලි බල මණ්ඩලය) ,යන මහත්වරුන් අද පෙරවරුවේ අදහස් ප්‍රකාශ කළා..

විදුලි බල මණ්ඩලය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේදී ඔවුන් ප්‍රකාශ කළේ , මේ වන විට විදුලි බල මණ්ඩලය යම්කිසි ස්ථාවරයකට පැමිණ සිටින බවයි.

ජනතාව මතට වැඩි බරක් පැටවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවත්..මෙහිදී පෙන්වා දුන්නා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය…M A.R.M ප්‍රනාන්දු..මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ඉදිරියේ මෙම අදහස් ප්‍රකාශ කිරීම සිදුකෙරෙනවා..

විවිධ පාර්ෂව රැසක් අද පස්වරුව වනතුරුත් මෙම ස්ථානයට පැමිණ අදහස් ප්‍රකාශ කිරීමට නියමිතයි..

අදහස ප්‍රකාශ කිරීම සඳහා එක් අයකුට විනාඩි දහයක කාල සීමාවක් ලබා දී තිබෙනවා..

Share This