බස් ගාස්තු සංශෝධනය ගැන ගැමුණුගෙන් ප්‍රකාශයක්

බස් ගාස්තු සංශෝධනය ගැන ගැමුණුගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල අඩු වූවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ඔහු පවසන්නේ, ඔටෝ ඩීසල්වල මිල අඩු වීමක් සිදු නොවීම එයට හේතුව බවයි.

වැඩිදුර අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න,

“මේ දිනවල ඔටෝ ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයේ කිලෝමීටර ගණන ධාවනය වෙන්නේ නෑ.මේ සම්බන්ධයෙන් අප දිගින් දිගටම ඛනිජතෙල් නීතිගත සංස්ථාව දැන්වත් කළා. නමුත් ප්‍රමිතිය පිළිබඳව අපට සහතිකයක් දීලා නෑ .මාස දෙකක් පුරා තවමත් රුපියල් 27ක පාඩුවකට තමයි අපි බස් ධාවනය කරන්නේ”

Share This