බෆල් එකෙන් මතුවූ ගිනි අවිය

බෆල් එකෙන් මතුවූ ගිනි අවිය

පසුගිය වසරේ අගෝස්තු 04 වනදා කදාන ප්‍රදේශයේදී කප්පම් ඉල්ලා මස්කඩ හිමියෙකුට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිය කදාන පමුණුගම ප්‍රදේශයේ නිවෙසක බෆලයක් තුළ සගවා තිබිය දී අද (05) සොයාගෙන තිබේ.

ඒ, විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පමුණුගම පොලිස් වසමේ පුබුදුගම ප්‍රදේශයේ දී කළ වැටලීමකදී යි.

එහිදී අදාළ නිවසේ සිටි සැකකාරියන් තිදෙනකු සහ සැකකරුවන් 6 දෙනකු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 45 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි සැඟව සිටින රසික නොහොත් චූටි මල්ලී ගේ මෙහෙයවීම යටතේ මෙම වෙඩිතැබීම සිදු කර ඇතැයි පැවැසේ.