ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට වසර 3කට පසු ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට වසර 3කට පසු ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණයක්

වසර 11කට පසුව ජාත්‍යන්තර පාපන්දු තරගයකින් භූතානය පරදා ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ කොළඹ තුරඟ තරග පිටියේ දී ඊයේ (25) රාත්‍රීයේ පැවති තරගයේ දීයි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සුහද පාපන්දු තරගාවලිය අදියර කිහිපයකින් ක්‍රියාත්මකයි.

එහි එක් අදියරක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ද හිමි වූ අතර ඊට අයත් සියලු තරග පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේදීය.

එම අදියරට මධ්‍යම අප්‍රිකාව, භූතානය සහ සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී විය.

තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකම ගෝල රැස් කිරීමට සමත් වුණේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ 45 වන විනාඩියේ දී ශ්‍රී ලංකාව ගෝලයක් රැස් කිරීමට සමත් වූ අතර අනතුරුව 54 වන විනාඩියේ දීද ඔවුන් ගෝලයක් රැස් කර ගත්තා.

ඒ අනුව මෙම තරගය නිමාවට පත් වුණේ ශ්‍රී ලංකාව ගෝල 2-0ක් ලෙස ජය වාර්තා කරමින්.

ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් ලබා තිබුණේ 2021 වසරේ දී.

ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ගෝල 2 – 1ක් ලෙසින්.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 204 වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම වර්ගීකරණයේ 184 වැනි ස්ථානයේ සිටින භූතාන කණ්ඩායම පරාජය කළේ වසර 11 කට පසුව වීම ද විශේෂත්වයක්.