තරඟකරුවන් දිරිගන්වන්න ගිය පාසල් සිසුවා බසයට යටවී මරුට

තරඟකරුවන් දිරිගන්වන්න ගිය පාසල් සිසුවා බසයට යටවී මරුට

යාපනය චාවකච්චේරි හින්දු විද්‍යාලයේ වාර්ෂික මැරතන් තරඟයේ තරඟකරුවන් දිරිගැන්වීම සඳහා සිය පාපැදියෙන් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ලංගම බස්රථයක පා පැදිය ගැටී සිදු වූ අනතුරකින් 18 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ, යාපනය මීෂාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි උසස්පෙළ හදාරන සිසුවෙකු වූ එස්.ප්‍රනීදරන් බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

අනතුරේදී රියදුරුට බස්රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව අසල තල්ගසක වැදී බස්රථය නැවතී අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා චාවකච්චේරි රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

අනතුරින් පසුව ලංගම බස්රථයේ සිටි මගීන් වෙනත් බස්රථයකින් ප්‍රවාහනය කර අනතුරට පත් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට චාවකච්චේරි පොලිසිය විසින් පියවර ගෙන තිබුණි..

අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.