නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා පෙත්සමක්

නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා පෙත්සමක්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

සමාජ හා සාමයික කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගේ උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබේ.