තංගල්ලේ අනතුරකින් බිරිඳ මරුට – සැමියා සහ දරු දෙදෙනා රෝහලට

තංගල්ලේ අනතුරකින් බිරිඳ මරුට – සැමියා සහ දරු දෙදෙනා රෝහලට

තංගල්ල ප්‍රදේශයේ සිට මාතර දෙසට ධාවනය වූ ලොරි රථයක් තලල්ල එගොඩහා වංගුව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ මව මියගොස් පියා සහ දරුවන් දෙදෙනා ඇතුළු සිව්දෙනකු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ගන්දර පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ, ත්‍රීරෝද රථ රියදුරු ඇතුලු පස් දෙනෙකු ත්‍රීරෝද රථය තුල ගමන් කර ඇති අතර අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කොට්ටගොඩ කප්පරවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් (30) හැවිරිදි කාන්තවක් බව පොලිසිය පවසයි.

අනතුරින් පහලොස් (15) හැවිරිදි පිරිමි ලමයෙකු, දාහතර (14) හැවිරිදි ගැහැණු ලමයෙකු හා මාස 11 ක් වයසැති කුඩා බිලිදු දරුවෙකු හා තිස්තුන් (33) හැවිරිදි ත්‍රිරෝද රථය පදවාගෙන ගිය මියගිය කාන්තාවගේ සැමියා තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබේ.

ඒ අතුරින් මාස 11 කුඩා බිලිදාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.