ප්‍රථම වරට යාපනේ මුහුදට සූර්ය බල මෝටර් බෝට්ටු

ප්‍රථම වරට යාපනේ මුහුදට සූර්ය බල මෝටර් බෝට්ටු

ප්‍රථම වතාවට සූර්ය කෝෂ බලයෙන් ධාවනය කළ හැකි මෝටර් බෝට්ටු යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ ධීවරයින් වෙත ඊයේ ( 4) ලබා දී තිබේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානනදාගේ උපදෙස් මත අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් වශයෙන් මෙම සූර්ය කෝෂ මෝටර් බෝට්ටුවල පර්යේෂණ ධාවන කටයුතුද වැල්වෙට්ටිතුරේ මුහුදේදී ක්‍රියාත්මක කෙරුණි.

ඔස්ට්‍රේලියාවේ පදිංචි මානික්කවාසගම් නැමති ද්‍රවිඩ ව්‍යාපාරිකයෙකු මෙම පර්යේෂණ නියමු ව්‍යාපෘතිය සදහා අනුග්‍රහය දක්වා ඇති අතර සූර්ය කෝෂ වල ආධාරයෙන් ක්‍රියා කරණ මෙම බෝට්ටු පර්යේෂණ ධාවනයක් සදහා එක් කළ අවස්ථාවට යාපනයේ දේශපාලනඥයින් හා සමාජ ක්‍රියාධරයන් මෙන්ම ධීවර සමීති නායකයෝද එක්ව සිටියහ.

මෙම බෝට්ටු කිසිදු ඉන්ධන භාවිතයකින් තොරව අශ්ව බල 13 කින් යුත් එන්ජිම සම්පූර්ණයෙන්ම සූර්ය කෝෂ වල බලයෙන් ක්‍රියාත්මක වෙයි.

සූර්ය කෝෂ බලයෙන් ධාවනය කළ හැකි අතර උතුරු පළාතේ සූර්ය රශ්මිය ඉතා ඉහල මට්ටමකින් පවතින නිසා මෙම බෝට්ටු උතුරේ ධීවරයින් අතර වඩා සාර්ථක වනු ඇතැයි ධීවර අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි.

Share This