කිරුලපන පෞද්ගලික ආයතනයක මල්පොච්චියක ජීව අත්බෝම්බයක්

කිරුලපන පෞද්ගලික ආයතනයක මල්පොච්චියක ජීව අත්බෝම්බයක්

කිරුළපන, ඇවනිව් මාවතේ පිහිටි පෞද්ගලික ආයතනයක තාප්පයක් උඩ සවිකර තිබූ සිමෙන්ති බඳුනක් තුළ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

එම පෞද්ගලික ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් සැකකටයුතු යමක් ඇති බවට පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අද (12) දහවල් මෙම බෝම්බය සොයාගැනීමට පොලිසිය සමත්ව ඇත.

මේ වන විට එම ප්‍රදේශයට ආරක්ෂාව යොදවා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවීමට කිරුලපන පොලිසිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

Share This