පොළොන්නරුවේ ගොවීන්ට සුබ ආරංචියක්

පොළොන්නරුවේ ගොවීන්ට සුබ ආරංචියක්

පොලොන්නරුවේ ගොවීන්ට යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත් වලට හෙට (13) සිට එම පොහොර මිල දී ගතහැකි බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.

පොලොන්නරුවේ ගොවීන්ට වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට නිකුත් කරන ලද වවුචර්පත් වලට මෙතෙක් යුරියා පොහොර මිල දී ගැනීමට නොහැකි වු බව ගොවි සංවිධාන නියෝජිතයන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.

එම වවුචර්පත් වලට යුරියා පොහොර හෙට සිට මිල දී ගත හැකි වන පරිදි පොලොන්නරුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පොහොර ලබා දීමට කටයුතු යොදා ඇතැයි ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවේ පොහොර ගොඩ බෑම අද (12) පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බවත් ඊයේ (11) පැවැති අධික වැස්ස හේතුවෙන් පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබූ බවත් පොහොර සමාගම් සභාපතිවරයා පවසයි.

වර්ෂාව නිසා පොහොර බහාලුම් (Hatcheries) විවෘත කිරීමට හැකියාවක් නොවු බව ද සභාපතිවරයා අවධාරණය කළේය.

Share This