අටළුගම දැරියගේ ඝාතකයාට අධිකරණයෙන් ලැබුණු දඬුවම

අටළුගම දැරියගේ ඝාතකයාට අධිකරණයෙන් ලැබුණු දඬුවම

වයස 9 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා ඝාතනය කිරීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට අද (13) බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවමක් නියම කිරීමට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර නියෝගය කළේය.

මීට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර තිබුණි.

සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය සහ දැරියව මව සන්තකයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීමේ චෝදනාවලට ඒකී සිරදඬුවම් නියම කෙරුණි.

මියගිය දැරියගේ මවට රුපියල් ලක්ෂ 30 වන්දියක් ගෙවන ලෙසත් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් නම් විත්තිකරුවට නියෝග කෙරුණි.

එකී වන්දිය නොගෙවන්නේ නම් වසර හයාමාරක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

අටළුගම දැරියගේ ඝාතකයා පාපොච්චාරණය කරයි ! – The Colombo Express

Share This