‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ ට එරෙහිව CID එකට පැමිණිල්ලක්

‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ ට එරෙහිව CID එකට පැමිණිල්ලක්

‘අවලෝකිතේෂ්වර බෝධිසත්ව’ නමින් පෙනී සිටිමින් බුදු දහමට හානි වන අයුරින් හැසිරෙන මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

2024 ජනවාරි 01 වෙනිදා විදේශයක සිට පැමිණි මොහු විසින් නොයෙක් ස්ථානවලට යමින් එම ස්ථානවල සිටින ජනතාවගේ වන්දනාවට ලක්වන ආකාරයේ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරීක්ෂා කොට නීතිය ක්‍රියාත්මක කිරීමටත්, අධිකරණ නියෝගයක් හරහා මොහුට අවශ්‍ය මානසික ප්‍රථිකාර සදහා මානසික රෝහලටකට යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමින් අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Share This