මෙරට රිලවුන්ට තවත් රටවලින් ඉල්ලීම්

මෙරට රිලවුන්ට තවත් රටවලින් ඉල්ලීම්

චීනය හැර තවත් රටවල් කිහිපයක් තම සත්වෝද්‍යාන සඳහා Toque macaque රිලවුන් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කළේ, තම රටවල තානාපති කාර්යාල හරහා එම ඉල්ලීම සිදුකරන ලෙස රජය දැනුම් දී ඇති බවය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, රිලවුන් අපනයනය කිරීම අභියෝගයට ලක් කරමින් සත්ව හිමිකම් සංවිධාන සහ ක්‍රියාකාරීන් විසින් පෙත්සමක් ගොනු කර ඇති බැවින් එම අපනයන අවස්ථාව නතර කළ බවය.

වාර්ෂිකව රුපියල් බිලියන 20කට වැඩි වටිනාකමකින් භෝග වලට රිලවුන්, වල් ඌරන්, මොනරුන් වැනි සතුන් නිසා හානි වන බවද ඇමතිවරයා පාර්ලිමේන්තුවට කීවේය.