ජනාධිපති කාර්යාලයට ලොව ධනවත් පදනමක සහය ගන්න කැබිනට් අනුමැතිය

ජනාධිපති කාර්යාලයට ලොව ධනවත් පදනමක සහය ගන්න කැබිනට් අනුමැතිය

බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ජනාධිපති කාර්යාලය වෙත ලබාදීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතිපත්තිමය කරුණු වලට මගපෙන්වීම සහ රජයේ වැඩසටහන් අධීක්ෂණය කිරීම යන කාර්යයන් ඉටු කරමින් දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ වැදගත් කාර්යයක් ඉටු කරනු ලබන බව රජය පවසයි.

එහිදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම්, ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන,ආසියා සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ආධාර වැඩසටහන් ආදී බහු පාර්ශවික ආයතන ගණනාවක් සමග සම්බන්ධීකරණය පවත්වාගෙන යාම මෙන්ම විවිධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ පාර්ශව කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරනු ලබන බව රජය සඳහන් කරයි.