බෙලිඅත්තේ ඝාතනයට අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

බෙලිඅත්තේ ඝාතනයට අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 23 වැනිදා බෙලිඅත්ත පොලිස් වසමේ සිදුවු පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඊයේ (25) රාත්‍රියේ සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායේ මිරිහාන කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

ගාල්ල වරාය පොලිස් වසමේ කදුරුදූව ප්‍රදේශයේදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ධිවරයෙක් සහ වංචාවල කදුරුදූව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කම්කරුවෙක්.

ඝාතනයට ලක්වු පුද්ගලයින් පස්දෙනා ගමන් කළ ඩිපෙන්ඩර් රථය පිළිබඳ තොරතුරු සොයා බැලීම සම්බන්ධයෙන් සැකපිට මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එක් සැකකරුවෙකු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 30ක්ද, අනෙක් සැකකරු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 200ක්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.