කටුනායක අධිවේගයේ තවත් දරුණු අනතුරක් – විදේශිකයෙකු මරුට

කටුනායක අධිවේගයේ තවත් දරුණු අනතුරක් – විදේශිකයෙකු මරුට

අධිවේගී මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කිලෝමීටර් 27 දශම 1 ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් විදේශිකයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

මියගිය පුද්ගලයා schusccr woifgamg නැමැත්තෙකි. ඔහුගේ මව බරපතල තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුලත් කර ඇත.

හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා යමින් සිටියදී ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

වෑන් රථය පැද වූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.