බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සදහා අද (04) උදෑසන දිවයිනට පැමිණියේය.

මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් 07 දෙනෙකු ඇතුළත් වී සිටියහ.

එහිදී ඔවුන් එළඹෙන 15, 18 සහ 21 දින පැවැත්වෙන එක් දින සීමිත ඕවර් තරග තුනක් සදහා සහභාගී වීමට නියමිත අතර එම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මීට අමතරව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තවත් විස්සයි විස්ස තරග 03 ක් එළඹෙන 24, 26 සහ 28 දින වල පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ද මෙම බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිතය.