බන්දුගේ නඩුවෙන් බිංදු නිදහස්

බන්දුගේ නඩුවෙන් බිංදු නිදහස්

ප්‍රවීණ චිත්‍රපට නළු බන්දු සමරසිංහ මහතා ඔහුගේ රංගනයන් අනුකරණය කලේ යැයි බිංදු බෝතලේගම නමැති පුද්ගලයෙකුට එරෙහිව නඩුවක් ගොනුකර තිබිණි.

බුද්ධිමය දේපළ පනත යටතේ පවරා තිබූ මෙම නඩුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ කැදවූ අතර, එහිදී බිංදු බෝතලේගමව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

බන්දු සමරසිංහ මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් ඔහුට එරෙහිව එම නඩුව ගොනුකරන ලදී.

බිංදු බෝතලේගම (ඩුප්ලිකේට් බන්දු) නැමැත්තා තම හැසිරීම් රටාව හා කටහඬ ඇතුළු රංගනයන් අනවසරයෙන් පිටපත් කර ඇති බවට බන්දු සමරසිංහ මහතා චෝදනා කර තිබිණි.