නාඳුනන පුද්ගලයෙකු දුන් බීම පැකටුවක් නිසා කුඩා දරුවෙක් රෝහලට

නාඳුනන පුද්ගලයෙකු දුන් බීම පැකටුවක් නිසා කුඩා දරුවෙක් රෝහලට

හොරණ ප්‍රදේශයේ සරුංගල් යවමින් සිටි දරුවෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු දුන් බීම පැකටුවක් පානය කිරීමෙන් එම දරුවා අසනීප වී තිබෙනවා.

දරුවා විසින් බීම පැකට්ටුව ප්‍රතික්ෂේප කළත් එය දරුවාට බලහත්කාරයෙන් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එය පානය කිරීමෙන් අනතුරුව ක්ලාන්ත ගතියට පත්ව අසනීප වූ දරුවා දෙමාපියන් විසින් හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම දරුවා වයස අවුරුදු 12ක හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලීසිය සඳහන් කළා.

Share This