විදුලි බිල සංශෝධනයක් ජූලි මාසයේදී

විදුලි බිල සංශෝධනයක් ජූලි මාසයේදී

විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල මණ්ඩලයේ අයක්‍රමය සකස් කරන අංශය සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (03) පවත්වා තිබේ.

සෑම වසරකම කාර්තුවකට වරක්, වියදම් නිරූපණය වන පරිදි විදුලි අය ක්‍රමවේදය සංශෝධනය කිරීමට පසුගිය වසරේදී රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹුණු අතර ඒ අනුව ජූලි මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අයක්‍රමය සම්බන්ධ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත මෙම සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.