බැසිල් හදිසියේම ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

බැසිල් හදිසියේම ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් ඊයේ (13) සිදුව තිබේ.

මෙම හමුවේදී, ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන වර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන වෙනත් විෂයයන් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ, ඉදිරි මැතිවරණයක් වෙනුවන් සිය පක්ෂය සූදානම් කරමින් සිටින බවයි.