පරාටේ ගැසට්ටුව එළියට

පරාටේ ගැසට්ටුව එළියට

ණය ලබාගෙන නැවත ගෙවීම පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතන වලට බලය ලැබුණු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන්වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදිය.

මෙම පනත් කෙටුම්පතෙන් එලෙස දේපළ අත්පත් කර ගැනීමේ පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 15 දින දක්වා අත්හිටුවා ඇත.