අනුර – සජිත් අතර යෝජිත විවාදයට මැදිහත් වෙන්නැයි සජබයෙන් නීතිඥ සංගමයට ඉල්ලීමක්

අනුර – සජිත් අතර යෝජිත විවාදයට මැදිහත් වෙන්නැයි සජබයෙන් නීතිඥ සංගමයට ඉල්ලීමක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර මහතා විසින් අද (26) පස්වරුවේ නීතිඥ සංගමයේ ලේකම්වරයා වෙත ලිපියක් භාරදෙමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

මෙවැනි විවාද සංවිධාන කිරීම හා සහ සම්බන්ධීකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇති පුර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින් මෙම සම්බන්ධීකරණය සහ අනෙකුත් විධිවිධාන සැලසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට එලෙස ආරාධනා කර ඇත.

අදාළ ලිපිය පහතින්…

Share This