දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින්ගේ විභාගය ගැන දැනුම් දීමක්

දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින්ගේ විභාගය ගැන දැනුම් දීමක්

දිවුරුම් දුන් භාෂා පරිවර්තකයින් බදවා ගැනීම සදහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ විභාගය හෙට (16) කොළඹ, ඩී.එස්.සේනානායක ජාතික පාසැලේදී පැවැත්වෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සදහන් කරයි.

ඒ සදහා 2023.08 .15 වැනි දිනට පෙර අයදුම්පත් ඉදිරිපත් කළ සියලු දෙනාහට අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් යොමු කර ඇත.

කිසියම් අයෙකුට ප්‍රවේශ පත්‍ර ලැබී නොමැති නම් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍ර බාගත කර හැකි බව අමාත්‍යාංශය දන්වා සිටියි.

ඒ අනුව, සිංහල / ඉංග්‍රිසි සුදුසුකම් පරීක්ෂා කිරීමේ විභාගය පෙරවරු 8.30 සිට පෙරවරු 10.00 දක්වාත්, සිංහල / දෙමළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ විභාගය පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වාත්, දෙමළ / ඉංග්‍රිසි සුදුසුකම් පරීක්ෂා කිරීමේ විභාගය පස්වරු 2.00 සිට පස්වරු 3.30 දක්වාත් පැවැත්වීමට නියමිතය.