දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) වැසි පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුළණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව වාර්තා වේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share This