හමාස් පැහැරගත් ප්‍රංශ ජාතිකයෙකුගේ සිරුරක් හමුවෙයි

හමාස් පැහැරගත් ප්‍රංශ ජාතිකයෙකුගේ සිරුරක් හමුවෙයි

ඔක්තෝබර් 7වන දින සුපර්නෝවා සංගීත උළෙලේදී හමාස් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවෙකු වූ 28 හැවිරිදි Elia Toledanoගේ සිරුර සොයා ගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

මේ අතර ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan බටහිර ඉවුරේ පලස්තීන අධිකාරියේ නිලධාරීන් හමුවීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඊශ්‍රායල හමුදා විසින් දකුණේ ඛාන් යූනිස් සහ රෆා ඇතුළු ගාසා තීරයේ නගරවලට බෝම්බ හෙලීම අඛණ්ඩව සිදුකරන බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අද (15) අලුයම ඛාන් යුනිස් හි නිවසකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

තුවාල ලැබූ අනෙකුත් පලස්තීනුවන් නගරයේ නාසර් රෝහලට ගෙන යන ලද බවටයි වාර්තා වන්නේ.

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ පුරවැසියෙකු වන 28 හැවිරිදි Elia Toledano මියයාමේ පුවත සම්බන්ධයෙන් ප්‍රංශ විදේශ අමාත්‍යවරිය සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.