ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කෙරේ

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කෙරේ

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව, හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා තිබේ.