ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක අවසන් 20යි 20 ගැටුම අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක අවසන් 20යි 20 ගැටුම අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර 3 වන සහ අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (09) පැවැත්වෙයි.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස 3.00ට බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන තිබෙන අතර, අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වේ.

තරග තහනමක් හේතුවෙන් පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා 20යි 20 නිත්‍ය නායක වනිඳු හසරංග අද තරගයට ‍එක්වීමට නියමිතයි.

මේ අතර ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද තරගයට ක්‍රීඩා නොකරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.